අන්තර් ජාලය හරහා මුදල් ඉපයීමේ ක්‍රම

අන්තර් ජාලය හරහා අන්තර් ජාලය හරහා මුදල් ඉපයීමේ ක්‍රම දෙකක් පවතිනවා
1. මුදල් ඉපීමට පහසුකම් සලසන වෙබ් අඩවියක මුදල් ගෙවීම මගින් ලියාපදිංචි වී ඒ හරහා ලබාදෙන කාර්යන් ඉටු කිරීම මගින් මුදල් ඉපයීම
2. මුදල් ගෙවීමකින් තොරව නොමිලේ ලියාපදිංචිවී ඒ හරහා මුදල් ඉපයීම

ඉහත ආකාර දෙකටම කටයුතු කරන වෙබ් අඩවි අන්තර් ජාලය තුළ ඕනෑ තරම් සොයාගන්න පුළුවන් . නමුත් ගැටලුව වන්නේ ඇතැම් වෙබ් අඩවි කාර්යය කර ගැනීමෙන් අනතුරුව මුදල් ගෙවීම පැහැර හැරීමයි.
එහිදී ඔබ ප්‍රථම ක්‍රමයට අනුව ලියාපදිංචි වූවෙක් නම් එහිදී ඔබට කාලය ශ්‍රමය හා මුදල් යන සියල්ල ම අහිමි වේ. නමුත් දෙවන ක්‍රමය අනුව කටයුතු කලේ නම් ඔබට අහිමි යන්නේ ඔබ විසින් කැපකල කාලය හා ශ්‍රමය පමණයි.එබැවින් දෙවන ක්‍රමය වඩාත් අවධානම අඩු ක්‍රමය වේ. නමුත් මේ ක්‍රමයට කටයුතු කිරීමේදී වැඩි කාලයක් වැය කිරීමටක් ඉවසිලි වන්තව කටයුතු කිරීමටත ඔබට සිදුවේ. නමුත් මේ සදහා දිනකට වැයකල යුතු වන්නේ ඉතා සුලු කාලයක් වුවත් මූල්‍ය ප්‍රතිලාභ ලබා ගැනීමට කාලයක් බලා සිටීමට සිදුවේ.

ඔබ එයට සූදානම් නම් තවදුරටක් මෙය කියවන්න...
මුලින්ම ඔබ විසින් උපයනු ලබන මුදල් ලබා ගන්නා ආකාරය දෙස බලමු
ඔබ කිසියම් වෙබ් අඩවියක වැඩ කරමින් උපයා ගන්නා මුදල් ලබා ගැනීමට moneybookers  හෝ Alatpay ගිණුමක් හරහා සිදුකල හැක.වැඩි විස්තර සදහා moneybookers හෝ Alatpay ගිණුමක් විවෘත කිරීම බලන්න.නමුත් අන්තර් ජාතික මූල්‍ය කටයුතු සදහා වඩාත් උචිත වන්ෙේ paypal ගිණුමකි.ඒත් අවාසනාවට සියළුම ගණෙෙනු සදහා paypal srilanka වට සහාය ෙොදක්වයි.

අන්තර්ජාලය හරහා මුදල් ඉපයිය හැකිද?

අන්තර් ජාලය හරහා මුදල් ඉපයීම අද ශ්‍රී ලංකාව තුල ජනප්‍රිය වෙමින් පවතින දෙයක්.මේ සම්බන්ධයෙන් නොයෙකුත් පන්ති, දේශන හා වැඩමුළු රටපුරා පැවැත්වෙන බව දිනපතා පුවත්පත් වල පළවන දැන්වීම් මගින් දැක ඇති.අන්තර් ජාලය භාවිත කරමින් මුදල් ඉපයීමට ඔබ තුළ ආශාවක් හා ඒ පිළිබද කුතුහලයක් පවතීනම් මා සමග මෙම බ්ලොග් අඩවිය හරහා එකතුවන ලෙස ඔබට ආරාධනා කර සිටිනවා.
ඇත්තෙන්ම අන්තර්ජාලය හරහා මුදල් ඉපයිය හැකිද? එය සැබෑවක්ද?

ඔබගෙන් බහුතරයක් තුළ මේ ගැටලුව ඇති බව මා දන්නවා. එයට දිය හැකි සරළම පිළිතුර වනුයේ ඔව්, යන්නයි.නමුත් එය පහසු කාර්යක් නොවන බවද ඔබට ඉදිරියේදී වැටහේවි.